Saturday, October 1, 2011

විනාඩියෙන් ඔබේ නිවසේ වයිෆයි සෝන් එකක් සාදාගන්න


ගොඩක් දෙනා හිතන්නේ වයිෆයි පාවිච්චි කරන්න වයිෆයි සෝන් එකක ඉන්න ඕනේ කියලා. ඒත් අපිට පුලුවන් පරිගණක දෙකක් අතර දත්ත හුවමාරුවට වයිෆයි පාවිච්චි කරන්න. 

මල්ටි ප්ලෙයර් ගේම්ස් ගහන්න, අන්තර්ජාලය හුවමාරු කරන්න වගේ ඕනෑම දෙයක් මේ හරහා කරගන්න පුලුවන්. හරිම සරළයි. ඒත් අපි සම්බන්ධ කරන පරිගණක දෙකේම වයර්ලස් ඇඩැප්ටර් තියෙන්න ඕනේ. කරන්නේ මෙහෙමයි. 



මේ වින්ඩෝස් 7 වලදී ad hoc ජාලයක් සාදාගන්නා විදිය. 


මේ පාත් එක ෆලෝ කරන්න.

Start> Control Panel> Network And Sharing Center>

Setup a connection or network>>>

Set up a wireless ad hoc (Computer to computer) network>>>






දැං අවශ්‍ය විස්තර පාස්වර්ඩ් එහෙම දීලා පලමුවෙනි පරිඝණකයේ වයර්ලස් නෙට්වර්ක් එක හදාගන්න.

අනිතිම ස්ටෙප් එකේ තියනවා Recommended Options යටතේ

Turn on internet connection sharing

ඕකත් ක්ලික් කරන්න

දැං දෙවන පරිඝණකයේ වයිෆයි ඔන් කරලා සර්ච් කරලා බලන්න ඔයා පලවෙනි පරිඝණකයෙන් ක්‍රියේට් කරපු වයර්ලස් නෙට්වර්ක් එක පෙන්නනවද කියලා. 

නෙට්වර්ක් කී එක දීලා කනෙක්ට් වෙන්න.

No comments:

Post a Comment