Friday, April 8, 2011

මයික්‍රොසොෆ්ට් පරිෂණක මෙහෙයුම් පද්ධති වලට නම් හැදුනු හැටි

මයික්‍රොසොෆ්ට් ඩොස් MS-Dos

Micro Soft Disk Operating System කියන එක කෙටි කරලා තමයි MS-DOS කියන නම යොදලා කියෙන්නේ. මේ මෙහෙයුම් පද්ධකියේ ග්‍රැඨිකල් යූසර් ඉන්ටර්ෆේස් එකක් තිබ්බේ නෑ. ඒ කියන්නේ ටයිප් කරන ලද තමාන්ඩ් වලින් කමයි සෑම කාර්යයක්ම ඉටු කලේ.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති Windows Operating Systems

MS-DOS වලින් පසු මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධක් වලට තවත් අලුත් නමක් ඈදුනා. ඒ වින්ඩෝස් කියන නාමය. මීට මූලිකම හේතුව උනේ මයික්‍රසොෆ්ට් සමාගමේ මීලග සංස්කරණය වුනු වින්ඩෝස් 1. මෙහි ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් එකක් අන්තර්ගත වුනා. එහිදී පරිඝණක තිරය කවුලු (වින්ඩෝස්) ආකාරයේ කොටස් වලට බෙදා භාවිතා කලා විවිධ කාර්යයන් සදහා. මීලග සංස්කරණ වලදීත් මේ ආකාරයෙන්ම නාමකරණයන් භාවිකා කෙරුනා (වින්ඩෝස් 3.1).




වින්ඩෝස් 95/98/2000/ME



වින්ඩෝස් 3.1 වලින් පසු නාමකරණයේ වෙනසක් ඇතිවුනා. මයික්‍රොසොෆ්ට් සමාගම එම මෙහෙයුම් පදිධකි එලිදැක්වූ වර්ෂය අනුව නාමකරණය සිදුකලා. 1995දී වින්ඩෝස් 95ද, 1998දී වින්ඩෝස් 98ද, 2000 වසරේදී ගෘහස්ත පරිඝණක සදහා වින්ඩෝස් ME ද ව්‍යාපාරික පරිඝණක සදහා වින්ඩෝස් 2000 ද ලෙස වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නාමකරණයට භාජනය වුනා.


වින්ඩෝස් XP/VSTA



වින්ඩෝස් XP සංස්කරණයත් සමග මයික්‍රොෙසාෆ්ට් මෙහෙයුම් පද්ධති නාමකරණය වෙනමම ආරක් ගෙන තිබ්බා. ඒ මෙහෙමයි. වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය 2001 වසරේදී තමයි එලිදැක්වුනේ. මෙයට වින්ඩෝස් එක්ස්පීරියන්ස් (eXPerience) කියන අර්ථය දෙන්න තමයි මයික්‍රොසොෆ්ට් සමාගම අදහස් කරලා තියෙන්නෙ.

වින්ඩෝස් 7



මයික්‍රොසොෆ්ට් නවතම සංස්කරණය වන වින්ඩෝස් 7 සදහා ප්‍රාථමික නාමකරණයම භාවිතා කරලා තියනවා. වින්ඩෝස් 7 කියන්නේ වින්ඩෝස් 95 වලින් පසු හද්න්වාදීපු 7 වන මෙහෙයුම් පද්ධකියයි. ඒත් වින්ඩෝස් පරම්පරාවේ නම් 10 වන සංස්කරණයයි. වින්ඩෝස් 10 කියන එකට වඩා වින්ඩෝස් 7 කියන එකේ පොඩි ගතියක් තියන නිසා වෙන්න ඇති මයික්‍රොසොෆ්ට් සමාගම මෙයට වින්ඩෝස් 7 කියලා නම යොදලා තියෙන්නේ.

No comments:

Post a Comment