Tuesday, March 8, 2011

ෆේස්බුක් ෆොටෝ අවුල

දන්නවනෙ ෆේස්බුක් අලුතින් හදුන්වාදීපු ෆොටෝ වීවර් එක ගැන. ගොඩක් අය මේකට කැමති නෑ වගේ. හැබැයි ප්‍රයිවසි ගැන හිතද්දි මේක හොද දෙයක්. දැං ඉස්සර වගේ කැමති ෆොටෝ එකක් සේවු කරගන්නත් පොඩි කට්ටක් කන්න ඕනෙ. මේ විදියට කරලා බලන්නකො මොකද වෙන්නෙ කියලා.  

බලන්න ඕනෙ ෆොටෝ එක Click කරන්න. දැං Background එක කලු වෙලා ෆොටෝ එක ලෝඩ් වෙයි. 
දැං යතුරුපුවරුවේ F5 Key එක ඔබලා බලන්න මොකද වෙන්නෙ කියලා.
 
මෙහිදී වෙන්නේ පේජ් එක refresh වෙන එක. මේ කාර්යයම කරගන්න පුලුවන් ඔය ෆොටෝ එක වෙනමම ටැබ් එකක විවෘත්ත කිරීමෙනුත්.

No comments:

Post a Comment