Tuesday, March 8, 2011

Google Chrome Standalone

ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය භාවිතා කරන අය දන්නවා ඇති අපිට ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය පරිඝණකයක ස්ථාපිත කරන්න ගියාම හැම අවස්ථාවේදීම බාගත කරන්න වෙනවා. ඒ ගූගල් සමාගමේ ඔෆිෂල් වෙබ් අඩවියෙන් අපිට ලබාදෙන්නෙ ගූගල් ක්‍රෝම් ඩවුන්ලෝඩර් එක පමනක් නිසා (555KB file එකක්). ගූගල් ක්‍රෝම් ඩවුන්ලෝඩර් එකෙන් සෙටප් ෆයිල් එක බාද්දි මොකක් හරි අවුලක් ගියොත් ආයෙත් මුල ඉදන් බාන්න වෙනවා.
 
ගූගල් ක්‍රෝම් ස්ටෑන්ඩ් අලෝන් මෘදුකාංගය වෙනත් වෙබ් අඩවි වලින් බාගත කරගන්න පුලුවන් වුනාට පොඩි චකිතයක් ඇතිවෙනවා මොකද ඔය තෙවෙනි පාර්ෂව අපිට ආදරේට ඔය දේවල් ලබා නොදෙන නිසා (ස්පයිවෙයාර්, ඇඩ්වෙයාර් වෛරස් අඩංගු කරලා දෙන්නෙ).
අනෙක් අතට බැලුවොත් නවීනතම යාවත්කාල අඩංගු පැකේජය තෙවෙනි පාර්ෂවයේ වෙබ් අඩවි වලින් සොයාගැනීම අපහසුයි. ෆයර්ෆොක්ස් වගේ බ්‍රවුසර් බාගෙන ඹ්නෙ වෙලාවක ස්ථාපිත කරගන්න පුලුවන්. ඒ ඔවුන් සෙටප් ෆයිල් එක සෘජු බාගතය‍ට අවසර දෙනවා. මේ ගැන ගොඩක් දෙනා නොදන්නවා ඇති. ගූගල් සමාගමේ ඔෆිෂල් වෙබ් අඩවියෙන් අපිට ගූගල් ක්‍රෝම් ස්ටෑන්ඩ් අලෝන් මෘදුකාංගය බාගත කරගන්න පුලුවන්. මෙය නවීනතම යාවත්කාල අඩංගු පැකේජයයි. බයවෙන්න ඕනෙ නෑ. (24MB file එකක්)



1 comment:

  1. කමෙන්ට් එකක් දාලා ගියාට වරදක් නෑ....

    ReplyDelete