Thursday, July 5, 2012

Paypal සල්ලි ලංකාවට ගන්න ලේසිම හා ලාභම ක්‍රමය

ඔන්ලයින් සල්ලි හොයන අයට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි පේපෑල් සල්ලි කොහොමද ලංකාවට ගෙන්වා ගන්නෙ කියලා. මේ ගැන අපි පේපෑල් Community Forum එකේත් අහුවට තාම විසඳුමක් නැති පාටයි. ඒත් දැං ඒකට හොඳ විසඳුමක් තියනවා. 
වැඩේට ඕනෙ කරන්නෙ මෙන්න මේ බඩු මුට්ටු ටික.

1. Payoneer Card එකක් (පේඕනර් කාඩ් එකක් නැත්තං මෙතනින් කාඩ් එකක් ගන්න (http://www.payoneer.com/cardholdersIntro.aspx)
2. සල්ලි ලබාගන්න පුලුවන් විදියට හදාගත්තු පේපෑල් එකවුන්ට් එකක්.
3. ID/Passport Copy එකක්/ (පේඕනර් සයිට් එකට දීලා තියන විස්තර අඩංගු එකක්ම වෙන්න ඕනෙ)

වැඩේ පටන් ගන්න කලින් පොඩි හැඳින්වීමක් කරන්නම් අපි මොකක්ද කරන්න යන්නෙ කියලා.

ඔයාලා දැකලා ඇති හැම මුදල් ගනුදෙනු සම්බන්ධ වෙබ්සයිට් එකකම (oDesk, Skrill, Payza....etc) තියනවා ACH Transfer කියලා Withdrawal Method එකක්. ACH stands for Automated Clearing House. මේක US වල බැංකු ගනුදෙනු කරන ක්‍රමයක්. වැඩි විස්තර මෙතනින් බලාගන්න.


දැං පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති අපි මොකක්ද කරන්න යන්නෙ කියලා. 
ඔවු අපි US Bank Account එකක් හදාගන්න යන්නෙ. 

මේ බෑන්ක් එකවුන්ට් එක අපිට ලැබෙන්නෙ Payoneer කියන ආයතනයෙන්. මට මතක විදියට ඉස්සර Payoneer Virtual Bank Account එක සල්ලි දීලා තමයි ගන්න වුනේ. දැං මේක නිකං දෙනවා. 

මේ එකවුන්ට් එක ලැබෙන්නෙ Payoneer US Payment Service කියන සේවාව ඔස්සේ.

කරන්න තියෙන්නෙ මෙතෙන්ට (http://www.payoneer.com/contactus.aspx) ගිහිං  Payoneer US Payment Service එකට ඇප්ලිකේෂන් එකක් ගන්න එක. එහෙමත් නැත්තං USPaymentService@payoneer.com කියන ඊමේල් ඇඩ්‍රස් එකට පහලින් තියන විස්තර යවන එක.

  1. What services or products do you offer (include website URLs if applicable)?
  2. Please provide us with direct web links showing some examples of your products, services and other online activity. Please make sure the links include mention of your name or shows your relation to the product/service.
  3. Please send us a screenshot of your online account with the company you wish to receive payments from. The screenshot should include your name and account balance.
  4. Please provide a copy of a government-issued photo ID. You can send your driver's license, passport or national ID. If your ID is in a different language than English, we prefer an international passport.
    You can scan/take a photograph of your ID and attach it to your reply to this e-mail. Please send both sides of the document where relevant. We prefer jpeg format under 1MB.
    Note: If you have already provided us with your ID copy, please skip this requirement.
දෙවනි ප්‍රශ්නෙට උත්තරේ නම් මටත් ෂුවර් නෑ. fiverr.com එකේ එහෙම අපි ඉන්නෙ අපේ නමින් නෙවෙයිනෙ. අපිට පුලුවන් අපේ නමින් ගිග් එකක් හදලා දාලා ඒකෙ ලින්ක් එක දෙන්න.

දැං ඉතිං ටික දවසක් බලං ඉන්න තියෙන්නෙ. ඊමේල් එකක් එයි US Payment Service එක ඇක්ටිවු කලා කියලා. 
බෑන්ක් එකවුන්ට් එකේ විස්තර පේපෑල් එකේ Add US Bank Account කියන තැනට දීලා සල්ලි විඩ්‍රෝ කරන්න තියෙන්නෙ.

තව දෙයක් මේකෙ ෆී එක 1%. Payoneer Fees ගැන මෙතනින් දැනගන්න පුලුවන්


වැඩි විස්තර මෙතනින් (http://www.payoneer.com/USPService.aspx)

4 comments:

  1. nice bt ohoma thanak set wenne na...

    ReplyDelete
  2. ඒල මචං මේ විස්තරේ ගොඩක් වටිනව....ඒත් පැහැදිලි නැති නැන් ටිකක් තියනව

    1..සල්ලි ලබාගන්න පුලුවන් විදියට හදාගත්තු පේපෑල් එකවුන්ට් එකක්...
    සල්ලි ගන්න පුලුවන් විදියට පේපෑල් එකවුන්ට් එකක් හදනවනම් අපේ රටේ එකක් නෙවෙයිනේ..එතකොට කොහොමද US විදියට හැදුවත් වෙන රටක විදියට හැදුවත් address කරන්නෙ....?

    ReplyDelete
  3. Now you can receive your Payoneer and Skrill money from us instantly paying low service fee. 100% trusted service. Visit www.cpsmoneytransfers.webs.com

    දැන් ඔබගේ Payoneer හා Skrill මුදල්ද අපගේ වෙබ් අඩවිය මගින් අඩුම සේවා ගාස්තුවකට ක්ෂණිකව ගෙන්වාගත හැක. 100% විශ්වාසනීය සේවය.
    පිවිසෙන්න www.cpsmoneytransfers.webs.com

    ReplyDelete