අපි පාවිච්චචි කරන ගොඩක් වෙබ් අඩවි අපිව හදුනාගන්න විවධ උපක්‍රම භාවිතා කරනවා. ගොඩක් දෙනා දන්න විදියට ජනප්‍රියම ක්‍රමය තමයි බ්‍රවුසර් කුකීස්. බ්‍රවුසර් කුකීස් කරන්නේ අපිව හදුනාගැනීම. රිමෙම්බර් මී දීලා තිබ්බොත් ෆේස්බුක් එකේ යූසර්නේම් පාස් හැම වෙලේම ගහන්න ඕනෙ නෑ. මේ බ්‍රවුසර් කුකීස් නිසා. දැං හිතනවා ඇති බ්‍රවුසර් කෑශ් ක්ලීන් කලාම හෝ කුකීස් ඩිසේබල් කලාම හරි කියලා.
ඒත් අපිව ට්‍රැක් වෙනවා. ඒ මෙහෙමයි. අනතරජාලය පාවිච්චි කරන 99% පරිඝණක Flash Plugin එක පාවිච්චි කරනවා. මෙහි නවීන සංස්කරණ වල Local Shared Objects කියලා දෙයක් හදුන්වාදීලා තියනවා. මෙහි කාර්යය තමයි ඒ ඒ වෙබ් අඩවි වලට යම් යම් දත්ත අපේ පරිඝණකයේ තැන්පත් කරන්න අවස්ථාව ලබාදීම. මෙම දත්ත Flash Cookies කියලා හදුන්වනවා.සාමාන්‍ය බ්‍රවුසර් කුකී හකක් 4KB වලට වඩා අඩුයි. ඉතිං ස්ථාපිත කරන්න පුලුවන් දත්ත ප්‍රමාණය අති සීමිතයි. ඒත් Flash Cookies එකක සයිස් ලිමිට් එත 100KB. ඒ කිසා ගබඩා කල හැකි දත්ත ප්‍රමාණය විශාලයි. මෙම කුකීස් කල් ඉකුත් වෙන්නෙත් නෑ. සාමාන්‍ය ක්‍රමයට ක්ලීන් කරන්නත් බෑ ඩිසේබල් කරන්නත් බෑ. ඩිසේබල් කරනවානම් Flash ඩිසේබල් කරන්න ඹ්නේ.
මේ තමයි පාත් එක. ගිහිං බලන්න කොහොමද කියලා. Local Shared Objects/Flash Cookies වල ෆයිල් ෆෝමැට් එක .sol
C:\Documents and Settings\Username\Application Data\Macromedia\Flash Player\#SharedObjects\
ක්ලීන් තරගන්න මේ ලින්ක් එකට යන්න.
මෙහෙමයි ක්ලීන් කරන්නේ
To set CCleaner to clean Adobe Flash Cookies:
In CCleaner, click the Cleaner icon and then the Applications tab.
Under Multimedia, select Adobe Flash Player.
Firefox පාවිච්චි කරනවානම් ෆ්ලෑෂ් කුකීස් ඔටෝ ඩිලීට් කරගන්න මේ Addon එක පාවිච්චි කරන්න පුලුවන්.
මේ ගැන තවත් ලිපියක් ලගදීම පළකරන්න බලාපොරොත්තු වෙනවා.....
ReplyDelete